BBQ යන්ත්‍රයක් සහ වසරකට සරිලන සෝස් බෝතල් දිනා ගැනීමට ඔබත් අදම ස්කෑන් කරන්න!

 
Dad's Garden එක්ක ප්‍රෝ කෙනෙක් වගේ ග්‍රිල් කරන්න!
 
01. තරඟයට ඇතුළත් වන ආකාරය  
  • පියවර 1: ඕනෑම Dad’s Garden සෝස් බෝතලයක් මිලදී ගන්න.   
  • පියවර 2: බෝතලයේ ඇති QR කේතය ස්කෑන් කරන්න. 
  • පියවර 3: විවෘත වන ගූගල් පෝරමයේ  ඇති විස්තර සම්පූර්ණ කර, වලංගු බිල්පතක පැහැදිලි ඡායාරූපයක්  ද සමඟ අප්ලෝඩ් කරන්න. 
02. සුදුසුකම් 
මෙම තරඟයට ඇතුලත්වීම සඳහා ඔබ විසින් පහත අයිතමයන් සම්පූර්ණ කල යුතුය.    
  • Dad's Garden සෝස් බෝතලයක්/බෝතල් මිලදීගෙන තිබීම. 
  • ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම. 
  • තරඟයට ඇතුළත් වන අවස්ථාවේදී අවුරුදු 18 හෝ ඊට වැඩි වීම.  
03. තරඟයට ඇතුළත් වීමේ නීති 
  • එක් බිල්පතකට එක් ඇතුළත් කිරීමක් හිමිවේ. ඔබගේ බිල්පතේ සෝස් බෝතල් කිහිපයක් මිලදී ගෙන තිබුණද, එක් මිලදී ගැනීමේ බිල්පතක් සඳහා එක් වලංගු ඇතුළත් කිරීමකට පමණක් අවසර ඇත. (ඔබගේ බිල්පත ප්‍රවර්ධන කාලය තුලදී ලබා ගත එකක් විය යුතුය.) 
  • බහු ඇතුළත් කිරීම්: තරඟ කාල සීමාව තුළ වෙන වෙනම මිලදී ගත් බිල්පත් සඳහා, බිල්පතකට එක් ඇතුළත් කිරීමක් බැගින් බහු ඇතුළත් කිරීම්වලට අවසර ඇත. 
  • ප්‍රතික්ෂේප කිරීම: වලංගු නොවන හෝ අසම්පූර්ණ ඇතුළත් කිරීම්, සහ අපැහැදිලි බිල්පත් ඡායාරූප සහිත ඇතුළත් කිරීම් ප්‍රතික්ෂේප කරනු ලැබේ. 
04. වැදගත් දින   
  • තරඟය ආරම්භ වන දිනය       2025 දෙසැම්බර් 15 
  • තරඟය අවසන් වන දිනය         2026 පෙබරවාරි 28 
  • ජයග්‍රාහකයා තේරීමේ දිනය    2026 මාර්තු 6 
05. ත්‍යාගය  
ජයග්‍රාහකයාට පහත ත්‍යාග හිමි වේ: 
  • උඳුන් දෙකේ බාබකියු ග්‍රිල් යන්ත්‍රයක් 
  • Dad's Garden සෝස් බෝතල් 42 ක් (මිලි ලීටර් 260) 
සෝස් තොගය: මෙම සෝස් බෝතල් 42 සාමාන්‍ය වාර්ෂික සැපයුමක් ලෙස අදහස් කෙරේ. සෝස් රස වර්ග අහඹු ලෙස තෝරා සපයනු ලබන අතර, බෝතල් 42ම එකම අවස්ථාවේදී ජයග්‍රාහකයාට ලබා දෙනු ඇත. 
වෙනත් අයෙකුට පැවරිය නොහැක: ත්‍යාගය වෙනත් අයෙකුට පැවරිය නොහැකි අතර, මුදල් සඳහා හුවමාරු කළ නොහැක. 
 
06. ජයග්‍රාහකයා තෝරා ගැනීම සහ දැනුම් දීම  
  • තෝරා ගැනීමේ ක්‍රමය: නිවැරදිව සම්පූර්ණ කරන ලද සියලුම ඇතුළත් කිරීම් අතරින්, අහඹු ලෙස අංක ජනනය කරන යන්ත්‍රයක් (random number generator) භාවිතයෙන් ජයග්‍රාහකයා තෝරා ගනු ලැබේ. 
  • ඇතුළත් කිරීම සියලු සුදුසුකම් සපුරන්නේ දැයි පරීක්ෂා කිරීමෙන් පසු, එම ඇතුළත් කිරීම ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ. 
  • ජයග්‍රාහකයා සම්බන්ධ කර ගැනීම: ජයග්‍රාහකයා ඊමේල් (email) සහ දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීම සිදු කරනු ඇත. 
  • ප්‍රතිචාර නොදැක්වීම: තෝරා ගත් ජයග්‍රාහකයා සති දෙකක් (02) ඇතුළත අපගේ සම්බන්ද කරගැනීම්වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, නව ජයග්‍රාහකයෙකු තෝරා ගනු ලැබේ. ත්‍යාගය ජයග්‍රාහකයෙකුට සාර්ථකව හිමිවන තුරු මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කෙරේ. 
07. ත්‍යාගය ලබා ගැනීම  
  • ස්ථානය: ත්‍යාගය, කොළඹ 08, ගෝතමී පාරේ පිහිටි MA’s Tropical Food Processing Pvt Ltd ප්‍රධාන කාර්යාලය වෙතින් ලබා ගත යුතුය. 
  • අනන්‍යතාවය තහවුරු කිරීම: ත්‍යාගය ලබා ගැනීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඔබගේ  ගමන් බලපත්‍රය හෝ ජාතික හැඳුනුම්පත(NIC) ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ. 
08. දත්ත රහස්‍යතාව සහ වගකීම  
දත්ත භාවිතය: ඉදිරිපත් කරන පුද්ගලික දත්ත භාවිතා කරනු ලබන්නේ මෙම තරඟය  මෙහෙයවීම සහ ත්‍යාග ලබා දීම සඳහා පමණි. තරඟය අවසන් වූ පසු ඔබගේ දත්ත නැවත භාවිත කරනු නොලැබේ. 
 
09. වගකීම 
MA’s Tropical Food Processing Pvt Ltd යනු Dad’s Garden සන්නාමයේ හිමිකරු වන අතර මෙම තරඟයේ ප්‍රවර්ධකයා ද වේ. 
ත්‍යාගය භාර ගැනීමෙන් පසු, ජයග්‍රාහකයා ත්‍යාගය පිළිබඳ සම්පූර්ණ වගකීම දරනු ඇත. මෙම තරඟයට  සහභාගී වී ජයග්‍රාහකයා ත්‍යාගය භාවිත කිරීමෙන් ඇතිවන පාඩු හෝ හානි සඳහා MA's Tropical Food Processing Pvt Ltd වගකිව යුතු නොවේ. 
 
MA’s Tropical Food Processing Pvt Ltd පහත සඳහන් දෑ සඳහා ද වගකිව යුතු නොවේ: 
  • ඕනෑම ආකාරයක තාක්ෂණික දෝෂ, අක්‍රමිකතා හෝ බිඳ වැටීම්; 
  • ඕනෑම අනවසර මිනිස් මැදිහත්වීමක් හෝ වංචාවක්. 
තරඟයට ඇතුළත් වීමෙන්, සියලුම තරඟකරුවන් මෙම නියමයන් සහ කොන්දේසි පිළිගෙන ඒවාට අනුකූල වීමට එකඟ වේ. 
MA’s Tropical Food Processing Pvt Ltd විසින් ගනු ලබන තීරණ අවසාන සහ ස්ථිර තීරණ වේ. මෙම තීරණ සමාලෝචනය කිරීමට, අභියෝග කිරීමට හෝ වෙනස් කිරීමට නොහැකිය.